අප ගැන
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් විසින් ලේක් හවුස් ආයතනය පිහිටවනු ලබන්නේ වර්ෂ 1926 දී ය. ශ්‍රී ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (The Associated Newspapers of Ceylon Limited - ANCL) හෙවත් ලේක් හවුස් (Lake House) ආයතනය මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛත ම රාජ්‍ය මුද්‍රිත එක ම පුවත්පත් ආයතනය වේ. වර්තමානයේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනු ලබන රාජ්‍ය හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.
වර්තමානයේ දී අප ආයතනය මගින් දිනපතා සහ සති අන්තයේ පළ කරනු ලබන දිනමිණ, සිළුමිණ, තිනකරන්, වාරමන්ජරී, Daily News හා Sunday Observer ආදී වූ ප්රවෘත්ති පත්‍ර වලට අමතරව සිනමා කර්මාන්තය සඳහා 'සරසවිය' නම් සිනමා පුවත්පත ද, බෞද්ධ පුණර්ජීවනය උදෙසා 'බුදුසරණ' පුවත්පත ද ආයුර්වේදය හා ජ්‍යෝතිෂ්‍යය වෙනුවෙන් 'සුබසෙත' පුවත්පත ද කාන්තාවන් උදෙසා 'තරුණී' පුවත්පතද සතිපතා නිකුත් කරණු ලබයි. මීට අමතරව වර්තමානයේදී ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ නැණස පාදා දීමේ කාර්යයට අත්වැලක් සපයමින් ලේක් හවුස් ආයතනය නවතම අධ්‍යාපනික ප්‍රකාශන මාලාවක් හඳුන්වා දී ඇත. එකී අධ්‍යාපන ප්‍රකාශන අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය නිර්දේශයට අනුකූල ව රජයේ පුහුණුව ලත් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවීණ ඇදුරු මඬුල්ලකගේ කර්තෘත්වය යටතේ එළිදක්වා ඇත.
ලේක් හවුස් ආයතනයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
දැයේ දූ දරුවන්ගේ නැණ පහන් එළිය කිරීම සදහා සෑම වයස් කාණ්ඩයක් වෙනුවෙන් ම ලේක්හවුස් අධ්‍යාපන ප්‍රකාශන එළි දක්වා එම පුවත්පත් සම්බන්ධීකරණය හා මෙහෙයුම් කටයුතු කරණු ලබන්නේ ලේක් හවුස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟිනි. අධ්‍යාපන ප්‍රකාශනයන්හි ගුණාත්මක බව, විෂය සමගාමී බව ආරක්ෂාවන පරිදි මුළුමනින්ම විෂය නිර්දේශය ආවරණය කරමින් පාසල් අධ්‍යාපනයෙහි හිස් තැන් පිරවීම සදහා මෙකී ප්‍රකාශන පිටි වහලක් වනු ඇතැයි අප දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නෙමු.
අධ්‍යාපන ප්‍රකාශන අලෙවි සම්බන්ධීකරණය හා මෙහෙයුම්
අලෙවි දෙපාර්තමේන්තුව
.jpg)





පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා 'මුතු අහුර - English' පුවත්පත


_0.jpg)
හය වැනි ශ්‍රේණියේ සිට අ.පො.ස. (සා.පෙළ) දක්වා වන 'සිත්මිණ' පුවත්පත

_0.jpg)

.jpg)
